MY Y (original) (raw)

පිරමීඩ යට වෙනම ලෝකයක්? 😱

පිරමිඩ් කියන්නේ ලෝකේ තියෙන පුදුම හතෙන් එකක්නේ. හැබැයි දැන් අලුත් රහසක් එළියට ඇවිත් තියෙනවා. මේක හොයාගෙන තියෙන්නේ ඉතාලියේ පීසා විශ්වවිද්‍යාලයේ කොරාඩෝ මලංගා කියන පර්යේෂකයයි, ඒ වගේම ස්ට්‍රැත්ක්ලයිඩ් විශ්වවිද්‍යාලයේ පිලිපෝ බියොන්ඩි කියන පර්යේෂකයයි එකතු වෙලා. මේ දෙන්නා රේඩාර් තාක්ෂණය පාවිච්චි කරලා පිරමිඩ් යට තියෙන දැවැන්ත ව්‍යුහයක් හොයාගෙන තියෙනවා.. ඒගොල්ලෝ පාවිච්චි කරපු රේඩාර් වර්ගයට කියන්නේ සින්තටික් ඇපර්චර් රේඩාර් (Synthetic Aperture Radar - SAR) කියලා. ඒක හරියට අඳුරේ තියෙන දේවල් පවා බලන්න පුළුවන් විශේෂ ඇස් වගේ දෙයක්.