Removal of sediment from small tanks කුඩා වැව් වලින් රොන්මඩ ඉවත් කිරීම (original) (raw)

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පිහිටි බොහෝ කුඩා වැව් කෙමෙන් අකාර්යක්ෂම තත්ත්වයකට පත්වෙමින් පවතියි. මාස කීපයක නියඟයකිනුදු වියළි කලාපීය ගොවීන්ට ජලය හිඟකමට මුහුණපාන්නට සිදුවෙයි. කුඩා වැව්වල රොන්මඩ තැන්පත්වීමෙන්, ඒවායේ ගැඹුරත්, ඒ සමගම ධාරිතාවත් අඩුවීම මීට ප්‍රධාන හේතුව යි. පසුගිය නියං සමයේ දී ඇතැමුන්, ඩෝසර් ලබාදී කුඩා වැව් හාරන්නැ යි සමාජ මාධ්‍ය හරහා යෝජනාකර තිබුණි. නමුත් එයින් වැවට හානිවනබව කියමින් ප්‍රතිපක්ෂ අදහස් ද ඉදිරිපත්වී තිබුණි. මෙනිසා අපි, වැවක් පුනරුත්ථාපනය කිරීම යනු එතරම් සරල කටයුත්තක් නොවන්නේ මන්දැ යි ජලය හා කෘෂිකර්මය පිළිබඳ ජාතික උපදේශක ආචාර්ය පී. බී. ධර්මසේනයන්ගෙන් විමසා සිටියෙමු.